Gossips

හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු බොරැල්ලේදී සහ කටුනායකදී අත්අඩංගුවට

බොරැල්ල සහ කටුනායක ප්‍රදේශවල සිදුකරන ලද වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 400 ක් සමඟ සැකකරුවෙකු බොරැල්ල – ගොරකගහ පාර ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
59 හැවිරිදි ඔහු බොරැල්ල ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
කටුනායක – 18 කණුව ප්‍රදේශයේදී පෑලියගොඩ දිසා අපාධ කොට්ඨාශයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 330 ක් සමඟ 34 හැවිරිදි පුද්ගලයෙකු ද ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.