Gossips

update : නව අගමැතිවරයා ලෙසට රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙසට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ දිවුරුම් දී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකු වූ ආචාර්ය හර්ෂ ද සිල්වා ට්විටර් පණිවුඩයක් මගින් සඳහන් කළේ මීට සුළු වේලාවකට පෙර එක්සත් ජාතික පක්ෂ නායකයා ජනාධිපතිවරයා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් බවයි.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි බව එහි වැඩිදුරටත් සඳහන්.
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙසට දිවුරුම් දෙනු ලැබුවේ 5 වන අවස්ථාවටයි.


update : sunday, 16 December 2018 – 11.24
——————————————————
එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති ධුරයේ දිවුරුම් දීමට පැමිණේ
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සඳහා මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටිනවා.
ඔහු අද පෙරවරු 11.16 ට යෙදෙන සුබ මොහොතින් දිවුරුම් දීමට නියමිතයි.