Gossips

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 282 කට සීමාවේ

නවසීලන්තය සමඟ වෙලින්ටන් හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය වන අද ශ්‍රී ලංකා පිල මුල් ඉනිම සඳහා ලකුණු 282 කට දැවී ගියා.
එහිදී ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 83 ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු 79 ක්ද ලබාගත් අතර, නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 80 ක් ලැබුවා.
ටිම් සවුදි ලකුණු 68 කට ශ්‍රී ලංකා කඩුළු 06 ක් බිඳ හෙළුවා.
පළමු ඉනිමේ පන්දුවට පහරදෙන නවසීලන්ත පිල මීට සුළු වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියා.