Gossips

ජීව අත්බෝම්බයක් සහ කඩු පහක් සමඟ දෙදෙනෙකු කළුතරදී අත්අඩංගුවට

උතුරු කළුතර – බහුරූපල – මීගහවල පාලම අසළදී ජීව අත්බෝම්බයක් සහ කඩු පහක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කළුතර උතුර පොලීසියේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
38 හැවිරිදි සහ 42 හැවිරිදි සැකකරුවන් බහුරූපල සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ඔවුන් අද කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.