Gossips

ශ්‍රී ලංකා දැල්පන්දු පිල ලොව මුල් පෙළේ කණ්ඩායම් විස්ස අතරට

අන්තර්ජාතික දැල්පන්දු සම්මේලනයේ ලෝක වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාව දැන් පළමු කණ්ඩායම් විස්ස අතරට ඇතුළත්ව තිබෙනවා.
නවතම වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි.
2018 වසර ආරම්භයේදී ශ්‍රී ලංකාවට 27 වන ස්ථානය හිමිව තිබුණේ සිංගප්පූරුව, මැලේසියාව සහ හොංකොං යන රටවලට පිටුපසින්.
ජූනි මාසයේදී හොංකොං පිල අභිබවා 26 වන ස්ථානයට පැමිණි ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු ශූරතාවද දිනාගැනීමට සමත්වුණා.
ඒ අනුව තවත් ස්ථාන 7 ක් ඉදිරියට පැමිණ ශ්‍රී ලංකාව 19 වන ස්ථානය හිමිකරගෙන සිටිනවා.
ආසියානු දැල්පන්දු ශූරතාව ජයග්‍රහණය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ලබන වසරේ එංගලන්තය සහ වේල්සයේ පැවැත්වෙන ලෝක දැල් පන්දු ශූරතා තරගාවලිය සඳහාද සුදුසුකම් ලැබුවා.