Gossips

චීන ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක්

චීනයේ නිදහස් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අරඹා වසර 40 ක් පිරීම නිමිත්තෙන් ජනාධිපති ෂී ජින් පිං විසින් ලබන අඟහරුවාදා බීජිං නුවරදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.
1978 වසරේ සිදු කෙරුණු එම ඓතිහාසික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මගින් එතෙක් ධනවාදී ලෙස හැඳින්වුණු ආර්ථික ක්‍රමෝපාය අත්හදාබැලීම සඳහා චීනය පෙළඹවූ අතර, එමඟින් එරට දුප්පත්කම දුරලීමට හැකිවුණා.
එමෙන්ම චීනය අද ලෝක ආර්ථික බලවතෙකු වී ඇත්තේද එහි ප්‍රතිඵලයක් ලෙසයි.
කෙසේ නමුත් ජනාධිපති ෂී ජින් පිං විවෘත ආර්ථිකයේ 40 වන සමරුව අමතද්දී ඇමරිකාව සහ චීනය අතර වෙළඳ යුද්ධයක් පැන නැගී තිබීම සියල්ලන්ගේ අවධානයට යොමුවී ඇති කරුණක්.