විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හිමිවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විශේෂ ප්‍රකාශයෙන් අනතුරුව විජේරාම නිල නිවසේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මේ අතර, මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බව දැනුම් දුන් අවස්ථාවට සහභාගී වූ දේශපාලනඥයින් මාධ්‍යයට අදහස් පළ කළා.