Gossips

මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් වගකීම් ඉටු කිරීමට කැපවිය යුතු බව ජනපති කියයි

මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් තොරව තම වගකීම් ඉටු කිරීමට සියලූ පුරවැසියන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයේ 93 වන විසිර යාමේ උළෙලට අද පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ශක්තිමත් කිරීමට ඉටුකළ යුතු සෑම කාර්යයක්ම ඉටු කිරීමට තමා කැපවී සිටින බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම මෙන්ම අද දවසේ මාතෘ භූමියට එරෙහි අභියෝග පිළිබඳවද ආරක්ෂක අංශ අවබෝධයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.
ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළේ අතීතයේ දී අප මුහුණ දුන් ආක්‍රමණවලට වඩා වෙනස් ආකාරයේ අභියෝග අද විජාතික බලවේගවලින් අපේ රටට එල්ලවෙමින් පවතින බවයි.
එම අභියෝග තේරුම් ගනිමින් මාතෘ භූමියේ හෙට දවස වෙනුවෙන් කළයුතු කාර්යයන් වහා ඉටුකිරීමට දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරින් මෙන්ම සමස්ත පුරවැසියන් කැපවිය යුතු බව ද ඔහු අවධාරණය කළා.