Gossips

ආණ්ඩු වෙනස ඉටු නොවූවත් ප්‍රබල දේශපාලන බලවේගයක් ගොඩ නැගුණා. – හිටපු ජනපති මහින්ද රාජපක්ෂ කියයි

මහජනතාව අපේක්ෂා කළ ආණ්ඩු වෙනස සාක්ෂාත් කර ගත නොහැකි වුවත් ඊට මඟ පාදන ප්‍රබල දේශපාලන බල කඳවුරක් නිර්මාණය කිරීමට හැකි වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අද පෙරවරුවේ කොළඹ – විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
මහමැතිවරණයක් නොමැතිව අගමැති ධුරය දැරීමට තමන්ගේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති අතර,තීන්දු තීරණ ගැනීමේදී ජනාධිපතිවරයාට අවහිරයක් නොවීම සඳහා තමන් අගමැති ධුරයෙන් ඉවත් වී නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට ඉඩ ලබාදුන් බවත් හිටපු ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයෙන් පෙන්වා දෙනවා.
එසේම ඉදිරි කාලයේදී සිය ප්‍රධාන ඉලක්කය මේ වනවිට වසරකුත් මාස 3ක් පමණ ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම බවයි හිටපු ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශය තුළින් අවධාරණය කළේ.
එම සම්පුර්ණ නිවේදනය මෙතනින්.