Gossips

නේපාලයේ මාර්ග අනතුරකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට

මධ්‍යම නේපාලයේ කත්මණ්ඩු නුවරට උතුරින් පිහිටි කඳුකර ප්‍රදේශයකදී ට්‍රක් රථයක් දැඩි ප්‍රපාතයකට පෙරළී එහි ගමන් ගත් පුද්ගලයන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී පැමිණෙන පිරිසක් රැගත් එම ට්‍රක් රථය කඳුකර අනාරක්ෂිත පටු මාර්ගයක ගමන් ගනිද්දී, මාර්ගයෙන් ඉවතට පැන අඩි 1300ක් පමණ ගැඹුරු ප්‍රපාතයකට පෙරළී ඇති බව සඳහන්.
පුද්ගලයන් 18 දෙනෙකු එම ස්ථානයේදීම මිය ගිය අතර තවත් දෙදෙනෙකු රෝහල් ගත කිරීමේදී මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ට්‍රක් රථය පෙරලී ගොස් නතර වී ඇත්තේ ප්‍රපාතය පාමුල පිහිටි ගං ඉවුරකයි.