Gossips

ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර බව ඕස්ට්‍රේලියාව පිළි ගනී

මතභේදයට තුඩු දී ඇති බටහිර ජෙරුසෙලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස තම රජය පිළි ගන්නා බව ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කළා.
කෙසේ නමුත්, සාම එකඟතාවක් ඇති වන තුරු ටෙල් අවීව් නුවර පිහිටි ඕස්ට්‍රේලියානු තානාපති කාර්යාලය, ජෙරුසෙලමට ගෙන යාමට අදහස් නොකරන බවයි ඔහු කියා සිටියේ.
එමෙන්ම නැගෙනහිර ජෙරුසෙලම පලස්තීනුවන්ගේ අනාගත දේශයේ අගනුවර ලෙස පිළිගන්නේ යැයි ඕස්ට්‍රේලියානු අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
ජෙරුසෙලම පුරවරය ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය වසරේ සිදුකළ පිළිගැනීම ලොව පුරා ඉමහත් ආන්දෝලනයට ලක්වුණා.