Gossips

බදුල්ලේ හෝටලයක තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

බදුල්ල ප්‍රදේශයේ හෝටලයක කාමරයක් තුල තිබී පුද්ගල මළසිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා.
අද(15) උදෑසන පොලිසියට ලද තොරතුරකට අනුවයි මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ.
මියගිය පුද්ගලයා බදුල්ල දෙමෝදර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු කිසියම් රෝගී තත්ත්වයකින් පෙළෙන බව සනාථ කෙරෙන සායනික සටහන් පොත් කීපයක් ද පොලිසිය හෝටල් කාමරය තුළ තිබී සොයාගෙන තිබෙනවා.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.