Gossips

ලබන වසර මුල ඖෂධ හිඟවීමේ අවදානමක්

ලබන වසරේ මුල් මාස 4 තුළ දිවයිනේ ඖෂධ හිඟයක් ඇති විමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
රට තුළ පැවති දේශපාලන තත්ත්වය හේතුවෙන් ඖෂධ ඇණවුම් කිරීම සඳහා ප්‍රසම්පාදන ලබා ගැනීමේ ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකිවීම මෙම ඖෂධ හිඟය ඇති විය හැකි බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.
මෙරටට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වන්නේ ණයවර ලිපි නිකුත් කර ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් අනතුරුවයි.
එලෙස ණයවර ලිපි නිකුත් කිරීම සඳහා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොමැති වීම ඖෂධ සැපයුම් ප්‍රමාදවීමට හේතුවක් විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
මේ අතර, කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලූත්ගේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය සඳහා රාජිත සේනාරත්න යළි පත් නොකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කළා.