Gossips

හිටපු ජනපති මහින්ද අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබාදෙමින් තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූයේ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළ බවයි.
එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම මාවතේ පිහිටි නිළ නිවසේදී අද විශේෂ සාකච්ඡාවක නිරත වුණා.
එහිදී අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තැබූ හිටපු ජනාධිපතිවරයා ආගමික වතාවත්වලට ද සහභාගි වී තිබෙනවා.
එහිදී ඔහු සන්ධාන මන්ත්‍රීවරුන් අමතමින් විශේෂ ප්‍රකාශයක් ද සිදුකළා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ විශේෂ ප්‍රකාශය අද පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කිරීමට නියමිත බවයි ඔහුගේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ.