Gossips

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිට කප්පම් ලබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ව්‍යාපාරිකයින්ට දුරකථන මගින් තර්ජනය කර කප්පම් ලබා ගත් සැකකරුවන් දෙදෙනෙකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර කොට්ඨාශ නීතිය බල ගැන්වීමේ ඒකකය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 1ක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
හොරණ, වෑවල සහ බුලත්සිංහල – අතුර යන ප්‍රදේශවල පදිංචි ඔවුන් 35 සහ 50 යන වයස්වල පසුවනවා.