Gossips

වැල්ලවාය පොලීසියෙන් දීපු අමුතු දඩ කොලය බුකිය කළඹමින් එළියට

වැල්ලවාය පොලීසියෙන් දීපු අමුතු දඩ කොලය බුකිය කළඹමින් එළියට"
වැල්ලවාය පොලීසියෙන්, ෆුල්ෆේස් හෙල්මට්වලට දඩ ලියයි
සම්පූර්ණ මුහුණු ආවරණය වන හිස් වැසුම් පැළදීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවට සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය වැල්ලවාය පොලීසියට චෝදනා කරනවා.
ඒ, එහි නිලධාරීන් පසුගිය 11 වන දා සම්පූර්ණ මුහුණ ආවරණය කරන ලද හිස් වැසුම් පැළදි යතුරුපැදිකරුවෙකුට දඩ පත්‍රයක් නිකුත් කිරීමේ සිද්ධියක් හේතුවෙන්.
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හිස් වැසුම් පැළදීමේ නීතිය තාවකාලිකව ඉවත් කර ඇති මොහොතක මෙම දඩ පත්‍රය නිකුත් කිරීම නීතිවිරෝධී බවයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පෙන්වා දෙන්නේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකරගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම දඩ පත්‍රය නිකුත් කිරීමේ ක්‍රියාවලියේ කිසියම් දෝෂයක් පවතින බවයි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් පොලිස් නීති කොට්ඨාශය හරහා උපදෙස් ගන්නා ලෙස වැල්ලවාය පොලීසිය දැනුවත් කළ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.