Gossips

රාහුල් ගාන්ධි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අභියෝග කරයි

ඉන්දීය රුපියල් කෝටි 59,000ක් වටිනා ප්‍රංශ රෆේල් ජෙට් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් නරේන්ද්‍ර මෝදි රජය නිර්දෝෂී කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ලබාදුන් තීන්දුව කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි විසින් අභියෝගයට ලක් කරනවා.
ඔහු කියා සිටියේ මෙම ගනුදෙනුවේදී දේශීය කොන්ත්‍රාත්කරු ලෙස අනිල් අම්බානිට, අගමැති මෝදිගෙන් විශේෂ සැලකිල්ලක් ලැබුණු බව නුදුරේදීම ඔප්පු කරන බවයි.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශනයක් අනවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළා.
කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි පෙන්වා දෙන්නේ ගනුදෙනුව සම්බන්ධයෙන් වන විගනකාධිපති වාර්තාව පාර්ලිමේන්තු මහජන මුදල් කමිටුව විසින් පරීක්ෂා කිරීමේ පදනම මත ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ලබාදී ඇති බවයි.
එහෙත් එම කමිටුවේ සභාපතිවරයා වන කොංග්‍රස් පක්ෂ මන්ත්‍රීවරයා එය දැකවත් නොමැති බව රාහුල් ගාන්ධි කියා සිටියා.
ජෙට් යානා ගනුදෙනුව පිළිබද වාර්තාකරණය සම්බන්ධයෙන් අනිල් අම්බානි විසින් රුපියල් කෝටි දස දහසක වන්දියක් ඉල්ලා නඩු පවරා ඇති එන්.ඩී.ටී.වී. ප්‍රවෘත්ති සේවය සඳහන් කළේ අදාළ විගණන වාර්තාව මෙතෙක් සකස් කර හෝ නොමැති බව තමන්ට දැන ගන්නට ඇති බවයි.