Gossips

නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීම ලබන ඉරිදා – මන්ත්‍රී අශෝක් අබේසිංහ

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙසට දිවුරුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
ලබන ඉරිදා (16) උදෑසන 10 ට මෙම දිවුරුම් දීම සිදුවන බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග පැවති දුරකථන සංවාදයකින් පසු මෙම පියවර ගෙන ඇතැයි ද ඔහු සඳහන් කළා.
මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදු කර සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර බල රහිත කරමින් අභියාචණාධිකරණය පසුගිය දා ලබා දුන් තීන්දුව අභියෝගයට ලක්කරමින් ඉදිරිපත් කළ ඇපෑල අද සලකා බැලූණු අතරල විනිසුරු මඩුල්ල එහිදී තීරණය කළේ අදාළ තීන්දුව තවදුරටත් බලපවත්වා ලබන
මසදී එය විභාග කිරීමටයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුව ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා.