Gossips

නිදහස් සන්ධානය 18 වැනිදා පාර්ලිමේන්තු යයි

ලබන 18 වනදා පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සහාභාගි වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර පවසනවා.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මහින්ද රාජපක්ෂ, අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පසු අධිකරණය ස්වාධීනව කටයුතු කළ ද, රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ගොනු කළ ඇතැම් නඩු මෙතෙක් කිසිදු විභාගයට ලක් නොකෙරුණේ ඔහු ඊට බලපෑම් සිදුකිරීම හේතුවෙන් බවද මන්ත්‍රී කංචන විජේසේකර කියා සිටියා.