Gossips

සමන් රත්නප්‍රියට සහ ගාමිණී වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් කැදවීමක්

පුරවැසි බලය සංවිධානයේ සම කැදවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය සහ ගාමිණි වියන්ගොඩට ලබන සඳුදාත් පොලිස් විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.
මොවුන් දෙදෙනාට අමතරව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරියගෙන් ද පොලිස් විශේෂ විමර්ශන ඒකකය අද ප්‍රකාශයක් සටහන් කර ගත්තා.
ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සමන් රත්නප්‍රිය පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමය පොලිස් මූලස්ථානයට සිදුකල පැමිණිල්ලට අනුවයි.
මේ අනුව ඔවුන් තිදෙනා අද පෙරවරු 9.30 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි අතර ඔවුන් අද දහවල් 12ට ඉන් පිටව ගියා.