Gossips

බස් රථ අනතුරකින් පාසල් දැරියක් මරුට

ඌරුබොක්ක ගින්නලිය පාසල අසලදී ත්‍රි රෝද රථයක් බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාසල් දැරියක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අද දහවල් (14) සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ ගින්නලිය ප්‍රදේශයේ පදිංචි 10 හැවිරිදි පාසල් දැරියක්.
අනතුරින් බරපතල තුවාල ලැබූ ඇගේ මව සහ පියා ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
කොළඹ සිට ඌරුබොක්ක දක්වා ධාවනය වූ බස් රථය මාර්ගය වැරදි පැත්තෙන් ඉතා වේගයෙන් ගමන් කර ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙන්නේ.
මියගිය දැරියගේ මව සහ පියා ඇතුළු කණ්ඩායම උෟරැබොක්ක ගින්නලිය ප්‍රදේශයේ ඥාති දරුවකුගේ පෙර පාසල් උත්සවයක් බැලීම සඳහා මිද්දෙනිය ප්‍රදේශයට සිට පැමිණ ඇති අතර එය අවසන් වීමෙන් පසු ආපසු නිවෙස බලා යමින් සිටියදී මෙම අනතුරට පත්ව ඇත්තේ.