Gossips

ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ගැටුම් මැද ඉන්දීය රාජ්‍ය සභාව කල් තබයි

ප්‍රංශයෙන්, ඉන්දීය රුපියල් කෝටි 59,000ක් වටිනා රෆේල් වර්ගයේ ජෙට් යානා 36ක් මිලදී ගැනීමේ ගනුදෙනුව පිළිබදව විපක්ෂ කොංග්‍රස් සන්ධානය විවාදයක් ඉල්ලා සිටීමත් සමඟ ඉන්දීය රාජ්‍ය සභාවේ අද උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා.
අදාළ ගිවිසුම පිළිබදව විමර්ශනයක් සිදුකිරීම අනවශ්‍ය බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුවක් ලබාදී තිබුණා.
ගිවිසුම දූෂිත බවට චෝදනා කරන්නේ රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂයයි.
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කෙසේ වුවත්, ගනුදෙනුව සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව කොංග්‍රසය මෙන්ම තමිල්නාඩුවේ ඒ.අයි.කේ.ඩී.එම්.කේ. පක්ෂය සහ සමාජවාදී පක්ෂය ද ඉල්ලා සිටියේ උද්ඝෝෂ පාඨ හඬ නගමින්.
කෙසේ නමුත්, එම තත්ත්වය හමුවේ රාජ්‍ය සභාව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තා.