Gossips

ලසිත් මාලිංග එක්දින කණ්ඩායමේ නායකත්වයට පත් කිරීමට ජනපති අනුමැතිය

නවසීලන්ත තරඟ සංචාරයේදී ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නායකයා ලෙස ලසිත් මාලිංග පත් කිරීමට නව ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ එක්දින නායකත්වය දැරූ දිනේෂ් චන්දිමාල් සහ විස්සයි විස්ස නායකත්වය දැරූ තිසර පෙරේරා ඉවත් කරමින්.
විස්සයි විස්ස හා එක්දින කණ්ඩායම්වල උපනායකත්වයට පත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.
නවසීලන්තය සමග තරගාවලියට එක්වන ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස සංචිතයට ලසිත් මාලිංග, නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, ධනුෂ්ක ගුණතිලක, කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න සහ කුසල් මෙන්ඩිස් ඇතුලත්.
ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සහ ළහිරු කුමාර සෙසු ක්‍රීඩකයන් වනවා.
ක්‍රීඩා අමාත්‍යවරයා අමාත්‍යධූරයේ ක්‍රියා කිරීම අතුරු තහනමට ලක්ව ඇති බැවින් මෙම කණ්ඩායම සඳහා අනුමැතිය ලබා දී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනුයි.