පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ සහ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණියා.
ඒ, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සමන් රත්නප්‍රිය සිදුකළ ප්‍රකාශය පිළිබඳ පිවිතුරු හෙළ උරුමය විසින් පොලිස් මූලස්ථානයට සිදුකල පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඔවුන් තුන්දෙනා අද පෙරවරු 9.45 ට පමණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණි බව හිරු වාර්තාකරු සඳහන් කළා.
පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් සිදුකල ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මුලස්ථානය වෙත පසුගිය 09 වනදා අදාළ පැමිණිල්ල සිදු කර තිබුණා.
පොලිස්පති පූජිත ජයසුන්දර එම පැමිණිල්ල විශේෂ විමර්ශන ඒකකයට යොමුකරනු ලැබිමෙන් අනතුරුව පසුගිය 11 වනදා පැමිණිලි පාර්ශවයෙන් ඊට අදාළ දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන තිබෙනවා.
කොළඹ අංක 04 මහේස්ත්‍රාත් අධිකරණය වෙත, පොලීසිය කරුණු දැක්වීමෙන් පසු අධිකරණය නියෝග කළේ අදාළ මාධ්‍ය සාකච්ඡාවේ සංස්කරණය නොකළ දර්ශන රූපවාහිනි නාලිකාවලින් ලබා ගන්නා ලෙසයි.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ පොලීසිය මීට අදාළ පැමිණිල්ල ගොනුකර තිබුණා.
ඒ අනුවයි ප්‍රකාශ සටහන් කර ගැනිම සදහා පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරුවන් වන සමන් රත්නප්‍රිය, ගාමිණි වියන්ගොඩ සහ සාධාරණ සමාජයක් උදෙසා සංවිධානයේ කැදවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය අද පොලිස් විශේෂ විමර්ශන ඒකකය වෙත කැදවනු ලැබුවේ.