Gossips

ඕස්ට්‍රේලියාවට ප්‍රබල චන්ඩ මාරුතයක්

ඕස්ට්‍රේලියාවේ – ක්වින්ස්ලන්ත වෙරළට ප්‍රබල චණ්ඩ මාරුතයක් ලගා වෙමින් පවතින බව එරට කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළා.
ඔවෙන් ලෙස නම් කෙරුණු මෙම චන්ඩමාරුතය පැයට කිලෝමීටර් 200 දක්වා වූ වේගයකින් ඔස්ට්‍රේලියාවේ උතුරුදිග ප්‍රදේශවලට අද සන්ධ්‍යාවේ හෝ හෙට අලූයම ළඟා වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.
මේ නිසා ක්වින්ස්ලන්ත වෙරළාසන්න ප්‍රදේශවල ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස දැනුම් දී තිබෙනවා.
චණ්ඩ මාරුතය සමඟ ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවලට ඉදිරි දිනවලදී මිලිමීටර් 400 ඉක්මවූ වැසි ලැබෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශ කළේ.
එමගින් ජල ගැලීම් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.