Gossips

අතුරු තහනමට එරෙහි පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ඇරඹේ

අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට එම ධුරවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගොනු කළ අභියාචනය සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී යළි ආරම්භ වී තිබෙනවා.
එය අද දහවල් 12.55ට විනාඩි 15 ක කාලයක් සඳහා කල් තැබුණු අතර, ඊවා වනසුන්දර, බුවනෙක අලුවිහාරේ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේයි එය සලකා බැලෙන්නේ.
විවේක කාලයට පෙර ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් කරුණු දක්වනු ලැබුවා.