Gossips

ඩ්‍රම්ස් වාදකයා ළහිරු හොයාගෙන සූරියවැව ගෙදරට ගියාම මුල්වරට අපිට කියපු කතාව

පසුගියදිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය වීඩියෝවක් වෙත හැමෝගෙම අවධානය යොමුවෙලා.
නව යොවුන් තරුණයෙක් තමන් ම නිර්මාණය කරගත් ඩ්‍රම් එකක් වේග රිද්ම ගීතයකට වාදනය කරන ආකාරයයි එහි දැක්වෙන්නේ.
x රේ කොළ සහ හිස් බූලි එකතුකරලා හදපු මේ අපූරු ඩ්‍රම් එකත් එක්ක සංගීත ක්ෂේත්‍රයේ ඩ්‍රම්ස් වාදකයෙක් විදියට ජීවිතේ දිනන්න හදන ළහිරුගේ හීනය හොයාගෙන අපි ගියා ලහිරුගේ ගෙදරට.
අග හිඟකම්වලට යටවන්නට නොදුන් තම සහජ දක්ෂතාව දෙවුර මත දරා ගමන යන ළහිරු ඔබට සුබ අනාගතයක පැතුම හිරු අපගෙන්.