Gossips

මෝදි රජයේ ප්‍රහාරක යානා ගණුදෙනුව ගැන පරීක්ෂණ අනවශ්‍ය බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්

ඉන්දීය රුපියල් කෝටි 59,000 ක් වටිනා රෆේල් ජෙට් යානා 36 ක් ප්‍රංශයෙන් මිලදී ගැනීම සඳහා වන නරේන්ද්‍ර මෝදි රජයේ ගිවිසුම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අනවශ්‍ය බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළා.
ඒ මෙම ගිවිසුම විමර්ශනයට භාජනය කළ යුතු ද යන්න පිළිබඳව අගවිනිසුරු රංජන් ගොගෝයි ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද විභාගයට ගැණුනු අවස්ථාවේදීයි.
රජය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ අදාළ ගණුදෙනුවේ මිල ගණන් පිළිබඳව ඇගයීමක් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.
රෆේල් ජෙට් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් කොංග්‍රස් විපක්ෂය මෝදි රජයට දැඩි චෝදනා එල්ල කළා.
විශේෂයෙන් ජෙට් යානා ගණුදෙනුවේ ඉන්දීය සහකරු ලෙස අම්බානිවරුන්ගේ රිලායන්ස් සමූහය තෝරා ගැනීම පිළිබඳව ප්‍රංශ මාධ්‍ය මගින්ද සැක පළ කර තිබුණා.
කෙසේ නමුත්, පෙත්සම ඉවතලමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තින්දු කළේ ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදුකිරීමට හේතු සාධක නොමැති බවයි.