Gossips

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ සිදුවූ අනතුරකින් 9 දෙනෙකු තුවාල

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 කණුව අසලදී ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ඔවුන් කතරගම වන්දනාවේ ගොස් යළි පැමිණෙමින් සිටියදී වෑන් රථය ප්‍රපාතයට පෙරලීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සදහන්.
කදු බෑවුම් සහිත මෙම මාර්ගයේ ඉහළට ගමන් කරමින් සිටියදී වෑන් රථයේ සිදුවූ කාර්මික දෝෂයකින් පිටුපසට ධාවනය වී අසල පිහිටි ප්‍රපාතයට පෙරලී ගොස් ඇති බවයි ඇල්ල පොලීසිය කියා සිටියේ.
තුවාලකරුවන් දියතලාව සහ බණ්ඩාරවෙල රෝහලට වලට ඇතුළත් කර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුන්දෙනෙක් මහනුවර මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරට ලක්වූ පිරිස වැලිමඩ – අඹගස්දූව ප්‍රදේශයේ පදිංචි පාසල් දෙකක උසස් පෙළ පන්තිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් බවයි පොලීසිය කියා සිටියේ.