Gossips

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ගැන විවිධ අදහස්

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යනුකූල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව විවිධ පාර්ශ්ව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිටදී අදහස් පළ කළා.
මේ අතර, අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ජනාධිපතිවරයා අධිකරණ තීන්දුවට ගරු කරන බවට තමන් විශ්වාස කරන බවයි.
විධායකය හා ව්‍යවස්ථාදායකය අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදය අතර තුලනය පුරවැසියන්ගේ පරමාධිපත්‍ය සහතික කිරීම වෙනුවෙන් ඉතා වැදගත් බව ද අදාළ ට්විටර් පණිවුඩයේ සදහන්.
මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් අනතුරුව අධිකරණ සංකීර්ණය ඉදිරිපිට එක්සත් ජාතික පෙරමුණේ ආධාරකරුවන් සිය සතුට සැමරුවා.
අනතුරුව එම අධාරකරුවන් අතරින් පිරිසක් ලේක් හවුස් ආයතනය ඉදිරිපිටට පැමිණ එහි තිබූ මහින්ද රාජපක්ෂ මහතාට සහය පළ කරමින් ප්‍රදර්ශනය කර තිබූ බැනර් ඉවත් කිරීමට යාමේදී සේවකයින් සමග ගැටුමක් ඇති වුණා.