Gossips

නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනපති ප්‍රධානත්වයෙන්

එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ පැවැත්වෙනවා.
එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට බහුතරයක් නොමැති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා.
මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ අග්‍රාමාත්‍ය ධුරයේ කිසිදු වෙනසක් ඉදිරියේදීත් සිදුනොවනු ඇති බවයි.