Gossips

ධීවරයින්ට යළි අනතුරු ඇඟවීමක්

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ත්‍රිකුණාමලයේ සිට ආසන්න වශයෙන් කිලෝමීටර් 850 ක් පමණ ගිණිකොණ දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පද්ධතිය ඉදිරි පැය 12 ක කාලය තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා ද, ඉන් පසු විසිහතර පැය තුළ සුළි කුණාටුවක් දක්වා ද වර්ධනය වෙමින් උතුර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.
මේ හේතුවෙන් පොතුවිල් සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80ත් දක්වා ඉහළ යාමට හැකියි.
අදාළ ප්‍රදේශවල සිටින ධීවරයින් සහ නාවිකයින්, ආරක්ෂිත මුහුදු ප්‍රදේශ වෙත හෝ ගොඩබිම වෙත අද මධ්‍යම රාත්‍රිය වන විට ගමන් කරන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.