Gossips

බැංකු කලමනාකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්

යාපනය ආරියාලේ ප්‍රදේශයේදී රාජ්‍ය බැංකුවක කලමනාකරුවෙකුගේ නිවසකට පැමිණි පිරිසක් පහරදී තිබෙනවා.
අද (13) අලුයම යතුරුපැදි දෙකකින් පැමිණි සිව්දෙනෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහරදීමෙන් නිවසේ කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර නිවසේ තිබු බඩුභාහිරාදියට අලාභ හානි සිදුව තිබෙනවා.
එමෙන්ම නිවසේ නවතා තිබු මෝටර් රථයකටත් පැමිණි පිරිස පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යාපනය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.