Gossips

හිටපු ජනපතිගේ අභියාචනයට එක්සත් ජාතික පක්ෂය පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි

අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන ලෙසට මෝසම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ තවත් මන්ත්‍රීවරුන් 121 දෙනෙකු විසිනුයි මෙම මෝසම් ගොනු කර ඇත්තේ.
අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ අභියාචනය හෙට සලකා බැලීමට නියමිතයි.
ඒ සඳහා ඊවා වනසුන්දර, බුවනෙක අලූවිහාරේ සහ විජිත් මලල්ගොඩ පත් කර තිබෙනවා.
එහෙත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ මෝසමෙන් ඉල්ලා ඇත්තේ ඊවා වනසුන්දර විනිසුරුවරිය නොමැති පූර්ණ විනිසුරු මඩුල්ලක් මේ සඳහා පත් කරන ලෙසටයි.