Gossips

හිමිනමක් ඇතුලූ තුන්දෙනෙකු පැහැරගත් හයදෙනෙකු අත්අඩංගුවට

නාරාහේන්පිට ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් ඇතුලූ තුන්දෙනෙකු පසුගිය 9 වනදා පැහැර ගැනීම සහ පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සමාධි බුදු පිළිමයක් කොල්ලකෑමේ සිද්ධියකට පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් සැකකරුවන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි.
පැහැරගනු ලැබූ හිමිනම ඇතුලූ තුන්දෙනා මහමග දමා ගොස් සිටියදී පසුව පොලිසිය සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබූ කොල්ලකන ලද රන් පැහැති බුද්ධ ප්‍රතිමාවක්, පුස්කොළ පොත් 5ක්, වාලම්පුරියක්, ඩිෆෙන්ඩර් රථයක් සහ ජංගම දුරකථන දෙකක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.