Gossips

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරුවේ

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම්වල තීන්දුව අද පස්වරු 4 ට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා ප්‍රකාශ කළා.
පෙත්සම් විභාගයට ගත් සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඊට අදාළ තීන්දුව ලබාදීමට නියමිත බවයි ශ්‍රේෂ්ඨාධිකරණ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඒවායේ විභාගය අවසන් කරමින් පසුගිය සිකුරාදා අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ පෙත්සම් සම්බන්ධයෙන් තීරණය ඉදිරි දිනකදී ප්‍රකාශයට පත් කරන බවයි.
තීන්දුව ලබාදෙන තුරු ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළා.