Gossips

සපුගස්කන්ද තැති ගැන්වූ වෙඩි තැබීමේ වැඩි විස්තර එළියට

කිරිබත්ගොඩ – සපුගස්කන්ද – ගල්වල මංසන්ධියේදී ඊයේ පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
මියගිය පුද්ගලයා පොලියට මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ටී 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.
මෙලෙස මියගොස් ඇත්තේ 35 හැවිරිදි එච්ි.ඒ. ධනුෂ්ක සංජීව නැමති කිරිබත්ගොඩ – මාකොල උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.