Gossips

අනතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් බස් රථයකට ගිනි තබයි

ඇඹිලිපිටිය – රත්නපුර ප්‍රධාන මාර්ගයේ අංක 96 ගොවිජන මධ්‍යස්ථානය ආසන්නයේදී බස් රථයක ගැටී යතුරුපැදිකරුවෙකු මියයාමේ සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් එම බස් රථයට ගිනි තබා තිබෙනවා.
ඊයේ (12) රාත්‍රී 9.30 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තාවන්නේ.
බස් රථයේ ගමන් කරමින් සිට ඇත්තේ පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් වන අතර, ඔවුන් වන්දනා ගමනක් ගොස් යළි පැමිණෙමින් සිට ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.
ගිනි තැබීමෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ඇඹිලිපිටිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.