Gossips

ජනතා විරෝධයෙන් නතර වූ ගව මෙහෙයුම

බලංගොඩ ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අයාලේ යන ගවයන් අල්ලා වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයට මුදාහැරීමට ප්‍රවාහනය කිරීමට සූදානම් වීමේදී අද පෙරවරුවේ නොසන්සුන්තාවක් ඇතිවුනා.
ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් මෙම ගවයන් අල්ලා ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු අතර බලංගොඩ සහ සමනළවැව පොලිස් ස්ථානවල නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ තිබුනා.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ ගවයන් මුදාහැරීම සඳහා භාරදෙන පුද්ගලයා පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
ගවයන් වෙනත් ස්ථානයකට ගෙන යාමට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීම හමුවේ ඉඹුල්ගමුව ප්‍රාදේශී සභා සභාපතිවරයාගේ ඉල්ලීම මත යළිත් ගවයන් නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා.