Gossips

රුපියල් දහස ඉල්ලා අදත් වතු කම්කරුවන් පාරට බසී

තම දෛනික වැටුප රුපියල් 1000/- දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් අද (12) දින වතුකරයේ ස්ථාන කීපයක වතු කම්කරුවන් උද්ඝෝෂණවල නිරත වුනා.
මස්කෙළිය පොලිස් වසමට අයත් සාමිමලේ, ඕල්ටන් මංසන්දියේ අද දහවල් ටයර් දල්වා උද්ඝෝෂණයක නිරත වුණ අතර ඒ සඳහා වතු කම්කරුවන් විශාල පිරිසක් එක්ව සිටියා.
ලංකා කම්කරු කොංග්‍රසය ඊයේ (11) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව වතු කම්කරුවන්ට වැඩ වර්ජනය අවසන් කර සේවයට වාර්තා කරන ලෙසයි.
කෙසේ වෙතත් මස්කෙළිය ප්‍රදේශයේ තේ වතු රැසක වතු කම්කරුවන් අද සේවය සඳහා වාර්තා කර නොතිබු අතර ඇතැම් වතු කම්කරුවන් සේවයට පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබුනු බව අප වාර්තාකරුවන් සඳහන් කළා.