Gossips

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සම්මත වෙයි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඊට අදාළ ඡන්ද විමසීමේදී ඡන්ද 117 කින් සම්මත වුණා.
එහිදී එක්සත් ජාතික පෙරමුණ සමඟ එක්ව දෙමළ ජාතික සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියා.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරයි එය ස්ථිර කළේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අදත් පාර්ලිමේන්තු සභා වාරයට සහභාගිවී සිටියේ නැහැ.
පසුව පාර්ලිමේන්තුව ලබන 18 වනදා පස්වරු එක දක්වා කල් තැබුණා.