Gossips

බේරුවල හෙරොයින් සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට

බේරුවල – බලපිටිය මුහුදු සීමාවේදී සොයාගත් හෙරොයින් තොගය සමඟ අදාළ ධීවර යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඔවුන් මෙතෙක් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයේ රඳවාගෙන සිටි අතර, පසුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු යටියන්තොටදී අත්අඩංගුවට ගත්තා. ඔහු තවමත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ පසුවනවා.
බේරුවල – බලපිටිය මුහුදු තීරයේදී රුපියල් මිලියන 2778 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 231 ක් පසුගිය බදාදා රාත්‍රියේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.