Gossips

අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන වසරේ ජනවාරි මස 16, 17 සහ 18 යන දිනවල විභාග කිරීමට අභියාචනාධිකරණය අද දින නියම කළා.
ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසිනුයි මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ.
මීට පෙර මෙම පෙත්සම සලකා බැලූණු අවස්ථාවේදී පෙත්සම විභාගය අවසන් වන තෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.
ඊට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පාර්ශව කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාවක් ගොනු කර තිබූ අතර එය අද පස්වරුවේ කැදවීමට නියමිතයි.