Gossips

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
පස්වරු 1 ට කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙනුයි පාර්ලිමේන්තුව රැස්වුණේ.
සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර විසින් ස්ථිර කරනු ලැබුවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අද දිනයේත් පාර්ලිමේන්තු සභා වාරය වර්ජනය කර ඇති අතර, ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාවේ රැදී සිටිනවා.