පාර්ලිමේන්තු සභා ගර්භය තුළ පසුගියදා ඇති වූ ගැටුම් සම්බන්ධයෙන් සති දෙකක් තුළ වාර්තාවක් ලබා දෙන ලෙස ඒ පිළිබදව සොයා බැලීමට පත් කළ කමිටුව පොලීසියට නියෝග කර තිබෙනවා.
ඒ එම කමිටුව නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස්වූ අවස්ථාවේදීයි.
සිද්ධිය පිළිබදව විමර්ශනය සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු ද එම රැස්වීමට එක්ව සිටියා.
ගැටුම පටිගත වී ඇති වීඩියෝ පට පාර්ලිමේන්තුවේ සවිකර ඇති කැමරා වලින් මෙන්ම, මෙන්ම බාහිර පාර්ශවයන්ගෙන් ද ලබා ගැනීමට මෙහිදී තීරණය වූ බවයි රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි කියා සිටියේ.