Gossips

පාසල් සිසුවෙකු යට කර පලාගිය ලොරි රථයක් සොයා විමර්ශනයක්

පොළොන්නරුව – කඳුරුවෙල – සෝමියල් හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු යට කර පලා ගිය ලොරි රථයක් සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අද (12) අලුයම සිසුවා මිතුරෙකුගේ නිවසේ සිට යළි සිය නිවසට යන අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සදහන් කළේ.
පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ උසස් පෙළ හදාරන සිසුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ.
අනතුර සිදුකර පලාගිය ලොරි රථය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් වාර්තා වී නැහැ.