Gossips

සා. පෙළ අදින් අවසන්

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වනවා.
මෙවර මධ්‍යස්ථාන 4661 කදී ක්‍රියාත්මක වූ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක්.
විභාගය අවසන් වන අද (12) දිනයේ එම මධ්‍යස්ථානවල හෝ පරිශ්‍රයන්හි කලහකාරී අන්දමින් හැසිරුනහොත් හෝ පොදු දේපලවලට හානි සිදුකළහොත් දැඩි දඬුවම් පමුණුවන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
එමෙන්ම, විභාග මධ්‍යස්ථාන අවට ජංගම මුර සංචාර යෙදවීමට පොලීසිය කටයුතු කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව සදහන් කළා.
ඊට අදාළ උපදෙස් විභාග ශාලාධිපතිවරුන් වෙත ද ලබාදී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ.