Gossips

අගමැති සහ කැබිනට් මණ්ඩලයට, අතුරු තහනමක් දුන් පෙත්සම අද යළි විභාගයට

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ අමාත්‍ය මණ්ඩලයට එම තනතුර දැරීමට බලයක් නොමැති බවට ක්වෝවොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම් අද (12) යළිත් විභාගයට ගැනීමට නියමිතයි.
අභියාචනාධිකරණය හමුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරුන් එකසිය විසි දෙදෙනෙකු විසින් මෙම පෙත්සම ගොනු කර තිබුණා.
ඒ අනුව අද දිනය දක්වා බල පැවැත්වෙන පරිදි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් ද පසුගියදා නිකුත් කළා.
අද දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ නියෝජිතයින්ට එහිදී නොතීසි ද නිකුත් කෙරුණා.
මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේ කැදවනු ඇති.