Politics Sri Lanka

TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91

TISL දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ලංකාවට 91

මේ වසර (2017) සඳහා දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වී නොමැති බව ට්‍රාන්ස්ෆෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි.

එම ආයතනය මගින් 2017 වර්ෂයේ දූෂණ ශ්‍රේණිගතකිරීම් අනුව ශ්‍රී ලංකාවට 91 වන ස්ථානය හිමිව තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව 2016 වර්ෂයේ 95වන ස්ථානයේ පසුවුවද 2017 වසරේදී ලබා ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් පමණකි.

එම අගය මෙරට වැඩිම දූෂණ චෝදනා එල්ල වූ මහින්ද රාජපක්ෂ පාලන සමයේ අවසාන භාගය ගෙවුණූ 2014 වසරේ පැවති අගයට සමාන වන බව වාර්තා වේ.

දූෂණය අවම රට වශයෙන් නවසීලන්තය පත්ව ඇති අතර ඩෙන්මාර්කය දෙවන ස්ථානයටත් ෆින්ලන්තය, නෝර්වේ සහ ස්විට්සර්ලන්තය තෙවන ස්ථානයටත් සිංගප්පූරුව සහ ස්වීඩනය සිව් වන ස්ථානයටත් පත්ව තිබේ.

සිරියාව, දකුනු සූඩානය, සෝමාලියාව, ඇෆ්ගනිස්ථානය, යේමනය යන රටවල් දූෂිතම රටවල් ලෙසටයි සැලකේ.

මූලාශ්‍ර මෙතනින්