Gossips

ජීවිතයත් මරණයත් අතර සටනක සිටින සද්ධන්තයා

ගිරාඳුරුකෝට්ටේ දිවුලපැලැස්ස ප්‍රදේශයේ දී දින කිහිපයක සිට රෝගාතුරව එක්තැන්ව සිටින වන අලියෙකු හමු වී ඇති බව අප වාර්තාකරු පවසනවා.
මෙම වන අලියා උල්හිටිය ඔය රක්ෂිතයේ වෙල්යායක් අසල මඩ වඟුරක වැටී සිටියදී ගම්වාසීන් දැක ඇති අතර පසුව මේ සම්බන්ධයෙන් වන ජිවි නිලධාරීන් දැනුවත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ වන විට වන අලියාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම ආරම්භ කර ඇති බවත් මෙම සත්වයාගේ පිටුපස දකුණු පාදය හා ඉදිරිපස වම් අතෙහි ස්නායු දුර්වලතාවයකින් ඇති බවත් ප්‍රතිකාර කරන පශු වෛද්‍යවරයා ප්‍රකාශ කරනවා.